30.6 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ආහාර අනා­ර­ක්ෂි­ත­භා­වය සියයට 16කින් පහ­ළට

මෙරට ආහාර අනා­ර­ක්ෂි­ත­භා­වය සියයට 16කින් පහ­ළට

ශ්‍රී ලංකාවේ ආහාර අනා­ර­ක්ෂි­ත­භා­වය සිය­යට 16 දක්වා පහත වැටී තිබෙන බව ලෝක ආහාර වැඩ­ස­ට­හන පෙන්වා­දෙයි.

ඒ අනුව සිය­යට 24ක්ව පැවති ආහාර අනා­ර­ක්ෂි­ත­භා­වය සිය­යට 16 දක්වා අඩු වී තිබෙන බව ලෝක ආහාර වැඩ­ස­ට­හනේ (WFP) නව නියෝ­ජිත පිලිප් වෝඩ් මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ආහාර අනා­ර­ක්ෂි­ත­භා­වය සිය­යට 24 සිට සිය­යට 16 දක්වා අඩුවී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කට­යුතු විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහ­තාට දැනුම් දී තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව මෑත කාලයේ ලබා ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව ලෝක ආහාර වැඩ­ස­ට­හනේ (WFP) නව නියෝ­ජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසා­දය පළ කළේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (18) ඇමැ­ති­ව­ර­යාට අක්ත­පත්‍ර භාර­දී­මෙන් අන­තු­රුව පැවති සාකා­ච්ඡා­වේ­දීය.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ පැවති මේ සාක­ච්ඡාව අත­ර­තුර, දරි­ද්‍ර­තාව පිටු­දැ­කීම, ආහාර සුර­ක්ෂි­ත­තාව සහ­තික කිරීම සහ අව­දා­න­මට ලක් විය හැකි ප්‍රජා­වන් සඳහා සමාජ ආර­ක්ෂණ යන්ත්‍රණ ශක්ති­මත් කිරීම කෙරෙහි මෙහිදී විශේ­ෂ­යෙන් අව­ධා­ර­ණය කළ ඇමැති විජිත හේරත් මහතා ජාතික සංව­ර්ධන න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමු­ඛතා පිළි­බ­ඳව ද පෙන්වා දුන්නේය.

තිර­සර සංව­ර්ධ­නය ඉදි­රි­යට ගෙන යෑම සහ රටේ ජන­තා­වගේ යහ­පැ­වැත්ම වැඩි කිරී­මට ලෝක ආහාර වැඩ­ස­ට­හන සමඟ අඛ­ණ්ඩව කට­යුතු කිරී­මට රජය බලා­පො­රොත්තු වන බව ද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමු­ඛ­තා­ව­ලට සම­ගා­මීව ලෝක ආහාර වැඩ­ස­ට­හනේ ව්‍යාපෘති ආරම්භ කර­මින් අඛ­ණ්ඩව ශ්‍රී ලංකා රජ­යට සහාය වීමට ලෝක ආහාර වැඩ­ස­ට­හන බලා­පො­රොත්තු වන බව ද පිලිප් වෝඩ් මහතා තහ­වුරු කළේය.