30.6 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදු­ලිය කැබලි කර විකි­ණී­මට ආණ්ඩුව ගන්නා උත්සා­හය පරා­ජය කළ යුතුයි

විදු­ලිය කැබලි කර විකි­ණී­මට ආණ්ඩුව ගන්නා උත්සා­හය පරා­ජය කළ යුතුයි

ලංකා විදුලි බල­ම­ණ්ඩ­ලය සේවක විරෝ­ධය නොතකා විදු­ලිය සමා­ගම් මට්ට­මින් මෙන්ම පළාත් මට්ට­මින් ද කැබලි කර විකි­ණී­මට ආණ්ඩුව ගන්නා උත්සා­හය හෙළා දකින බව ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ජාතික නිද­හස් පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­නයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“විදු­ලිය සමා­ගම් මට්ට­මින් පම­ණක් නොව පළාත් මට්ට­මින් ද කැබලි කිරී­මට නව පන­තින් යෝජනා කර තිබෙ­නවා. ආණ්ඩුවේ මේ සැල­සුම් සේවක සේවි­කා­වන් පම­ණක් නොව මහ­ජ­න­තාව ද එකතු වී පරා­ජය කළ යුතුයි.

බල­ශ­ක්තිය යනු තෙල් සහ විදු­ලිය පම­ණක් නොවෙයි. දුර්ලභ ඛනිජ නූතන ලෝකයේ ප්‍රධාන බල­ශ­ක්ති­යක්.

ඒවා අමු අමු­වේම ඉන්දි­යා­වට පව­රා­දී­මට රජය කට­යුතු කර­නවා. කර්මාන්ත ඇමැ­ති­ව­රයා සහ ඉන්දි­යානු ගල්අ­ඟුරු සහ පතල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා අතර හමු­ව­කදී ඉන්දි­යාවේ පතල් අමා­ත්‍යාං­ශය සහ මෙරට භූ විද්‍යා සහ පතල් කාර්යාං­ශය අතර අත්සන් කිරී­මට නිය­මිත අව­බෝ­ධතා ගිවි­සුම පිළි­බ­ඳව සාකච්ඡා කර තිබෙ­නවා.

අපේ රටේ දුර්ලභ ඛනිජ නිධි ඇති බවට තහ­වුරු වී තිබෙ­නවා. ඉන්දි­යාව එය අත්පත් කර­ගැ­නී­මට උත්සාහ කර­නවා.”