27.8 C
Colombo
Tuesday, September 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපද්මේ ඇතුළු පස් දෙනාට දින 90ක රැඳවුම් නියෝග

පද්මේ ඇතුළු පස් දෙනාට දින 90ක රැඳවුම් නියෝග

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා, දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවය.

ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පසුගිය සෙනසුරාදා මෙරටට රැගෙන ආ බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පිරිසගෙන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇති අතර, තවත් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අපරාධකරුවන් වූයේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත ය.

එසේම, ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් නම් අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුව සිටිති.