30.6 C
Colombo
Thursday, September 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅකුරට වැඩ කරන්න සැරසෙන විදුලිබල වෘත්තීය සමිති

අකුරට වැඩ කරන්න සැරසෙන විදුලිබල වෘත්තීය සමිති

ලංකා විදුලිබල මණ්ඩලයේ  වෘත්තිය සමිති කිහිපයක් අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සේවක ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

ඊයේ  (03) පස්වරුවේ ඔවුන් එු බව   නිවේදනය කර තිබුණා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කරමින් සිදු කිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමිනුයි ඔවුන්මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත්තේ.