28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැංකු ඉතිහාසයේ වැඩිම වටිනාකමට වෙන්දේසි වූ ඉඩම Prime Group යටතට

බැංකු ඉතිහාසයේ වැඩිම වටිනාකමට වෙන්දේසි වූ ඉඩම Prime Group යටතට

සම්පත් බැංකුව විසින් සිදු කළ වෙන්දේසියකදී Prime Group විසින් රුපියල් බිලියන 3.5ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් බම්බලපිටියේ පිහිටි වටිනා ඉඩමක හිමිකාරීත්වය ගෙන තිබෙනවා.

මීට පෙර Blue Mountain සමාගම විසින් Achilleion 7 Star Luxury ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබූ මෙම ඉඩම එම සමාගමේ බිඳ වැටීමත් සමඟ සම්පත් බැංකුවට හිමිවුණා.

බම්බලපිටියේ අතිශය වටිනාකමකින් යුත් භුමි භාගයක පිහිටි මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 180ක්.

ඒ අනුව සම්පත් බැංකුව විසින් මෙම ඉඩම වෙන්දේසි කර ඇති අතර එහිදී අතිශය තරගකාරී සහ ප්‍රබල අගයකට මෙම ඉඩමේ අයිතිය හිමිකර ගැනීමට Prime Group සමත්වී තිබෙනවා.

එම ඉඩමේ ඡායාරුප පහතින්,

මීට පෙර මෙම ඉඩමේ සැලසුම් කර තිබූ Achilleion ව්‍යාපෘතිය