28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්තානය පරදා ඉන්දියාවට ජය

පාකිස්තානය පරදා ඉන්දියාවට ජය

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(14) පැවැති ඉන්දු – පාකිස්ථාන තරගය කඩුළු 07කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ පන්දුවාර 15.5කදී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින්.

A කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශහීන් ශා අෆ්රිඩි පන්දු 16කින් ලකුණු 33ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

මෙම ජයත් සමග ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ඉන්දීය කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටිනවා.