29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීගිරි කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

සීගිරි කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ තරුණිය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කළ බවවාර්තාකරු පවසයි.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකකපිට මෙම තරුණිය ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. 

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර තිබුණි.