25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධනය තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවේ

ධනය තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවේ

යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි දේපළ හෝ වත්කම් තිබීම සම්බන්ධයෙන් බව ඔහු අවධාරණය කළේය.

තම පක්ෂය කිසිවිටෙකත් පුද්ගලයෙකුට දේපළ තිබීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකරන බවත්, ප්‍රශ්නය ඇත්තේ යම් පුද්ගලයෙකු හෙළිදරව් කළ නොහැකි මූලාශ්‍රවලින් ධනය උපයා ගැනීම බවත් අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දේපළ මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති බවත්, එය රටට හොඳ ආදර්ශයක් බවත්ය.

මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලදී.