තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනිඅවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබෙනවා .
ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ .
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා .
එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබියදීයි මෙම ලොරි රථය හමුවී ඇත්තේ .
මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අදාළ නිවස අසල නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා .
මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැනුණා .
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි .
අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා .