29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙහිවල වෙඩි තැබීමට අවි සැපයූ අය අත්අඩංගුවට

දෙහිවල වෙඩි තැබීමට අවි සැපයූ අය අත්අඩංගුවට

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලන නිලධාරී භාෂක සඳරුවන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට ගිනි අවිය සැපයු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  කියයි

එම ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමගම සෞඛ්‍ය පරිපාලකවරයා එම ස්ථානයෙන් පලා ගොස් දිවි බේරා ගෙන තිබිණි

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල මල් වත්ත පාර ප්‍රදේශයේදීය

2025 ජූලි මස 24 වෙනිදින  සෞඛ්‍ය පරිපාලකවරයා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් කාර්යාලය තුළ සිටියදී  යතුරු පැදියකින් ආහාර බෙදා හැරීමේ යන මුවාවෙන් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි

එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමඟම සෞඛ්‍ය පරිපාලන නිලධාරි වරයා එම ස්ථානයෙන් පලා ගොස් දිවි බේරාගෙන තිබිණි

වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය සෞඛ්‍ය පරිපාලන නිලධාරීවරයා ප්‍රධාන පෙළේ මධ්‍ය ජාවාරම්කරුවෙකු වන අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් චුව සමන්ත නැමැත්තාගේසහෝදරියගේ පුතා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි

වෙඩි තැබීම බඩෝවිට අසංක පාර්ශවය විසින් සිදුකළ එකක් බවට වැඩිදුරටත් අනාවරණය වී තිබිණි

33 හැවිරි දි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි 

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි