29 C
Colombo
Thursday, September 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදියක් පණගැන්වීමට ගිය තිදරු පියෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියක් පණගැන්වීමට ගිය තිදරු පියෙකු ජීවිතක්ෂයට

තිදරු පියෙකු වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් මියගොස්  තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වන පෑස්සුම් ශිල්පියක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව ඇත්තේ මිය ගිය පුද්ගලයා යතුරුපැදියේ කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා තම යතුරුපැදිය තල්ලුකර පණගැන්වීමට උත්සාහ කරන අතරතුරයි.

ඒ අවස්ථාවේදී යතුරුපැදිය නොසිතූ ලෙස පාලනයෙන් ගිලිහී ගොස් ඔහු මාර්ගය දෙසට විසිවී ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ දැව ප්‍රවාහනය කළ ලොරි රථයකට යටවී මිය ගොස් තිබෙනවා.

ඔහු වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.