ලංකාවේ දිනකට පියයුරු පිළිකාව වැළඳුණු කාන්තා රෝගීන් 15 දෙනකු හඳුනාගන්නා බවත්, එමෙන්ම දිනකට පියයුරු පිළිකාව වැළඳුණු කාන්තාවන් තිදෙනකු මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය.. ඊයේ (24දා) පැවැසුවාය.
එසේම 2022 වසරේ පියයුරු පිළිකාව වැලඳුණු කාන්තාවන් 5500ක් හඳුනාගත් බවත්, පිරිමින් 188ක් හඳුනාගත් බවත් ඇය කියා සිටියාය.
“කිසිවෙක් පියයුරු පිළිකාවට තනිව මුහුණ දිය යුතු නැත” යනුවෙන් පියයුරු පිළිකාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය (2025 ඔක්තෝබර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා) නිමිති කරගෙන ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය එසේ පැවැසුවාය.
මෙරටදී පියයුරු පිළිකාව හේතුවෙන් වසරකට කාන්තාවන් 800 දෙනකු මියයන බව ද ඇය සඳහන් කළාය.
මෙම මාධ්‍ය හමුවේදී කතා කළ ප්‍රජා වෛi විශේෂඥ හසරැල් ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ හා ලෝකයේ කාන්තාවන් අතර බහුලම රෝගය පියයුරු පිළිකාවයි. අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම කණ්ණාඩියක් ඉදිරියට ගිහින් මාසයකට සැරයක් විනාඩි 5ක් පියයුරු පරීක්ෂාවට ලක් කරන්න. ඔබගේ පියයුරුවල සාමාන්‍ය ස්වභාවය දැනගත්තාම මුල් අවධියේම අසාමාන්‍ය වෙනස්කමක් හඳුනාගන්න පහසුයි. ඒ වගේම අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවන් සෑම වසර 3කට වරක් ඔබේ පියයුරු සෞඛ්‍ය වෘත්තිකයකු ලවා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
මෙහිදී අවදානම් සාධකය කාන්තාවක් වීම විශේෂයි. අවුරුදු 50ට වැඩිවීම, පවුල් ඉතිහාසය හා ජානමය බලපෑම, පියයුරු පිළිකාව කලින් වැලඳී තිබීම, දරුවන් නොමැති වීම, තරබාරුකම, දුම්පානය, මත්පැන් භාවිතය, දිගු කාලීන හෝමෝන ප්‍රතිකාර භාවිතය රෝග කාරක විය හැකියි.
පියයුරු පිළිකාවල රෝග ලක්ෂණ හැටියට පියයුරුවල ගැටිති තිබීම, කිහිල්ලේ ඇති වන ගැටිති, පියයුරු වළ ගැසීම, පියයුරුවල ප්‍රමාණය අසමාන වීම, තණපුඩුවේ වෙනස්වීම්, තණපුඩුවලින් ශ්‍රාවයක් හෝ ලේ ගැලීම, පියයුරුවල වේදනාව, පියයුරුවල සමේ වෙනස්කම් සඳහන් කළ හැකියි.
“උසට සරිලන නියමිත ශරීර බරක් පවත්වා ගැනීම, සතියකට දින 5ක් දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් ව්‍යායාමවල යෙදීම සුදුසුයි. පලතුරු, කොළ පැහැති එළවළු සහ පලා බහුල සමබර ආහාර වේලක් අනුභව කිරීම, දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකීම, දරුවාට මව්කිරි දීම පියයුරු පිළිකා අවදානම අඩු කරනවා.
පියයුරු පිළිකා කලින් හඳුනාගන්න ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාලයේ සුවනාරි සායන, රෝහල්වල සුවදිවි සායන, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන සහ රෝහල්වල පවත්වන ශල්‍ය පියයුරු සායන වෙත යන්න.
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර ගැනීම සඳහා එකමුතු වෙමු මැයින් මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් 11 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 10.00 සිට හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වෙන බව ද මෙහිදී පැවැසිනි.
මෙම මාධ්‍ය හමුවේදී පිළිකා රෝග විශේෂඥ වෛi බුද්ධිනී කරුණාරත්න, විශේෂඥ ශල්‍ය වෛi කාංචනා විජේසිංහ, විශේෂඥ ශල්‍ය වෛi ජේ. ගුණතීපන්, පිළිකා රෝග විශේඥ එන්. ජෙයකුමාරන්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා වෛi විශේෂඥ රංජිත් බටුවන්තුඩාවේ යන මහත්ම මහත්මීහු ද අදහස් දැක් වූහ.