33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමගේ සියලු වත්කම් නීත්‍යනුකූලව උපයාගත් ඒවා – මහ බැංකු අධිපති

මගේ සියලු වත්කම් නීත්‍යනුකූලව උපයාගත් ඒවා – මහ බැංකු අධිපති

තමා ඉදිරිපත් කර ඇති සියලුම වත්කම් නීත්‍යනුකූල ආකාරයෙන් උපයාගත් ඒවා බවත් තමාගේ සහ පවුලේ අයගේ නියමිත ආකාරයෙන් බදු ගෙවා උපයාගත් වත්කම්, බැරකම් හා ආදායම් සියල්ලම ඉදිරිපත් කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

තමා වසර හතළිහකට අධික කාලයක් ආදායම් බදු ලිපිගොනුවත් තබාගෙන ආදායම් බදු ගෙවූ කෙනකු බව ද හෙතෙම කියා සිටියේය. මහ බැංකුවට එන්නත් කලින්ම ආදායම් බදු ලිපිගොනුවක් තිබුණු නියමිත ආකාරයට අන්තිම ශතය දක්වා බදු ගෙවපු පුද්ගලයෙක් මම. ඒ නිසා මට කිසිම ගැටලුවක් නෑ.

ඒ ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඕනෑම කෙනකුට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.