28 C
Colombo
Thursday, September 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිධායක ජනපති ක්‍රමය අහෝසි කරනවාද? – පළාත් සභා ඡන්දය කවදාද?

විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවාද? – පළාත් සභා ඡන්දය කවදාද?

වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේද? පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවදාද? සහ අධිකරණයට වන බලපෑම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම් මොනවාද යන්න ඇතුළත්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ආණ්ඩුව කල් ගත්තේය.

27(2) යටතේ පක්ෂ නායකයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය මගින් විපක්‍ෂ නායකවරයා අගමැතිවරියගෙන් මෙම ප්‍රශ්න විමසීය. එහෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු දීමට සති දෙකක් කල් ගන්නා බව පැවසීය.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 194 හි සඳහන් පරිදි රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැනගැනීමට අවශ්‍ය බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මෙම පාර්ලිමේන්තුව සම්බන්ධ කර ගන්නේ කවදාද සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන දිනයත්, පළාත් සභා ඡන්දය තවදුරටත් සීමා නිර්ණයකට හිර කොට ප්‍රමාද කිරීම රජයේ ස්ථාවරය ද මෙන්ම, පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන ලෙසත් විමසා සිටි හෙතෙම අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් බිඳී ගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගන බවට දුන් පොරොන්දුව ඉටු කරන දිනය කියන්නැයි ඉල්ලා සිටියේය.

තවද මහජන අවධානය වැඩි වශයෙන් යොමුව ඇති නඩු කටයුතුවලට සම්බන්ධ ඇතැම් විනිශ්චයකාරවරුන් ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම සහ උසස්වීම් දීම සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් ආරම්භ වී ඇති නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම ඉදිරිපත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් මේ සඳහා කල් ඉල්ලීම ගැන සිතා ගත නොහැකි බවත් මේවා මැතිවරණ ප්‍රකාශයේ පවා සඳහන් බැවින් කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.