24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශපාලනඥයින් තිස් දෙනෙකු පිළිබඳ විමර්ශන ඇරඹෙයි

දේශපාලනඥයින් තිස් දෙනෙකු පිළිබඳ විමර්ශන ඇරඹෙයි

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහය්හා පවසන්නේ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් තිස් දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති වත්කම් විමර්ශන අංශය මගින් සිදු කරන බව අමාත්‍යවරයා පවසයි.

නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයා ඇති බවට එම මහජන පැමිණිලිවල සඳහන් වී ඇති ඹැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.