බඩු බාහිරාදිය භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වී තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ බංගලාව රජයේ භාරයට ගැනීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙන බව වාර්තාවේ.
එම බංගලාවේ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩු භාණ්ඩ ඉවත් කරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය කිහිප වතාවක්ම හිටපු දැනුම්දී ඇත. එහෙත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව බංගලාවේ බඩු භාණ්ඩ ලැයිස්තුව පරීක්ෂා කර ඒවා ඉවත් කර ගත් පසු තමාගේ බඩු භාණ්ඩ ඉවත් කරගන්නා බවයි.
මුලින්ම බඩු ඉවත් කරගත්තහොත් යම් විදිහකින් හෝ රජයේ බඩු ගෙන ගියා යයි චෝදනාවක් එල්ල කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීමේ පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරයා තමාගේ බඩු භාණ්ඩ මුලින්ම ඉවත් කර ගතයුතු බවයි.
විජේරාම මාවතේ නිවසේ ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැති කාර්යාලයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් බඩු භාණ්ඩය.