සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කළුබෝවිල අවිෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු වන “කළුබෝවිල චූටි” නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය පිළියන්දල පොලිස් වසමේ බෝකුන්දර මාරගයේ මකුළුදුව පාරට හැරෙන හංදිය අසල දී ඊයේ (05) සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.
එහිදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රැම් 106 ක් සහ නීති විරෝධී මත්ද්‍රව්‍යක් වන මෙත්ඇම්පෙටමින්, ක්‍රිස්ටල් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478 ක් සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 24 හා 25 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිසානායක මුදියන්සේලගේ අවිෂ්ක ඒෂාන් නොහොත් “කළුබෝවිල අවිෂ්ක” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු වන “කළුබෝවිල චූටි” නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා බවට තොරතුරු වාර්ථා වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.