27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ආයු කාලය වසරකින් අවසන්

කොවිඩ් ආයු කාලය වසරකින් අවසන්

මොඩර්නා ලොක්කාගෙන් අනාවැකියක්

කොවිඩ් වසංගතය තවත් වසරක් ඇතුළත අවසන් වන බව මොඩර්නා එන්නත් නිෂ්පාදනය කරන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සෙල් ස්විට්සර්ලන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත. ලොව පුරා ඕනෑම රටකින් දැන් කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්, කුඩා දරුවන් පවා එන්නත්කරණයට අනුමත කර ඇති බවත් සඳහන් කරමින් ඔහු මේ අනාවැකිය පළ කර ඇත.

ලබන වසරේ මැද භාගය වන විට ලොව ඕනැම අයකුට එන්නත්කරණයට ලක්වීමේ පහසුව සැලසෙන පරිදි ඇති තරම් එන්නත් තොග නිකුත් වනු ඇතැයි තක්සේරු කරන මොඩර්නා සමාගමේ විධායක නිලධාරියා බූස්ටර් එන්නත ද අවශ්‍ය පරිදි සපයා ගැනීමට ලබන වසර වන විට සමස්ත ලෝක ප්‍රජාවට හැකිවනු ඇතැයි කියා සිටියේය.

ඩෙල්ටා ප්‍රභේදය ස්පර්ශයෙන් බෝවන බැවින් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ගේ ශරීර තුළ ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණය වර්ධනය වනු ඇතැයි අවධාරණය කරන හෙතෙම ඒ අනුව බැලීමේදී මේ තත්ත්වය බොහෝ දුරට සාමාන්‍ය උණ රෝග තත්ත්වයක් බවට පත් වනු ඇතැයි කීවේය. “ඔබ එන්නත්කරණයට ලක් වූවා නම් හොඳ ශීත සෘතුවක් ගත කළ හැකියි. නොඑසේ නම් ඔබට ශීත සෘතුව ගත කිරීමට සිදුවන්නේ රෝහල්ගතවයි. වාර්ෂිකව යුරෝපයේ හා අමෙරිකාවේ උණ රෝගයෙන් දහස් ගණනක් මිය යන බව මතක තබා ගන්න.” ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.