26 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩ බැරි මිනිස්සු ටික එකතු කරලා රූකඩ ආණ්ඩුවක් හැදුවා… දැන් උන්ට ඕන...

වැඩ බැරි මිනිස්සු ටික එකතු කරලා රූකඩ ආණ්ඩුවක් හැදුවා… දැන් උන්ට ඕන විදිහට මුන් නටවනවා

මේ වන විට රට දුප්පත්කමේ අඩියට ම වැටී ඇති බවත් රටේ අධික දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස සියයට විසිපහේ සීමාව ඉක්මවා ගොස් ඇති බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලීත් ජයවීර පවසයි.

මේ දිස්ත්‍රික්කයෙනුත් පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න අය මිනිස්සු විඳින දුක දන්නෙ නැද්ද. නමුත් දැන් හැසිරෙන්නෙ කොහොමද. දැන් ඇස් බැන්දුම් කරන්නෙ කවුද. වෙන ආණ්ඩුවක් මේ ඇස්බැන්දුම් කරානම් අපිට කියන්න පුළුවන් මුන්ට දුක තෙරෙන්නෙ නෑ කියලා. ටයි කෝට් ගහගෙන, තඩි ගැටේකුත් ගහගෙන, මොකක්ද මේ වුණේ. අපිටත් නොතේරෙන පටලැවිල්ලක මේ ආණ්ඩුව හිරවෙලා. මේවට තමයි රූකඩ ආණ්ඩු කියන්නෙ. දේශපාලන විද්‍යාවේ උගන්වන දුර්වල රාජ්‍යයක් කියන්නෙත් ඕකට. බැරිම මිනිස්සු ටිකක් එකතු කරල රටේම සහයෝගයෙන් බලයට ගෙනාව. ගෙනැල්ල මුන් නටවනවා. ඕන ඕන විදිහට නටවන්න සහයෝගය දෙනවා. බලන් ඉන්න.

ඔබට පේනව රූපවාහිනී තිරය බලන විට මේ ගොල්ලන් ඒ ලැබෙන සහයෝගයෙන් ඕන විදිහට නටවනවා කියල. දැන් රණවිරුවන් එවන්න කිව්වොත් යවන්න මේ අය සූදානම් වෙයි. ඒ වගේමත් යවයි. ගිහිල්ල තියෙන වැඩේ බොහොම කනගාටුයි. මේ තත්ත්වය වෙනස් කරනවා නම් බොරු දේශපාලනය කරල වැඩක් නෑ. මට වැඩකුත් නෑ, ඔබට වැඩකුත් නෑ. අපි මේ දේශපාලනයෙන් යැපෙන්න ඉන්න අය නොවේ. අපේ බොහෝ අය ලොකු ව්‍යවසායකයන්. ඕනෑ තරම් සල්ලි තියෙනවා. අපි සල්ලි දෙන්නෙ නෑ, සහයෝගය දෙනවා. ව්‍යවසායකයන්ට මේකට වියදම් කරගෙන දුවන්න පුළුවන්. නැත්නම් මේ අයත් පුරුදු වෙනව ඒ දේශපාලනය. නමුත් ඒ දේශපාලනය නොවේ අපි කරන්නේ.

අපේ අනුර කුමාර සහෝදරයා නිර්ධන පාන්තිකයෙක්. ගමින් ආපු මිනිහා, දැන් මොනතරම් සහකම්පනයක් තියෙනවද. මේ ගමේ මිනිස්සුද. ජේ.ආර්.ජයවර්ධනටත් එහා ගිහිල්ල. මේ අය ජිනීවාවලට ගියා, අපේ රණවිරුවන් දඬුකඳේ ගහන්න යෝජනාව ආවා. ඡන්දයක්වත් ඉල්ලුවේ නෑ. අපිත් එක්ක හිටගන්න රටවල් සිටි බව මට කියන්න පුළුවන්. මමත් අනුරාධා යහම්පත් මැතිනියත් ප්‍රධාන පෙළේ තානාපතිවරුන් හමුවුණා. මොකද මීට කලින් අපි මේ අනතුරු දැක්කා.

ඒ තානාපතිවරුන් දෙදෙනෙක් අපෙන් ඇහුවා ඔබ ඇවිල්ල මෙතන කතා කළාට ඔබේ ආණ්ඩුව අපි හමුවෙන්නවත් ආවෙ නෑ කියලා. ආණ්ඩුවේ මතය කිව්වෙ නෑ. දැන් වෙන්නෙ මේකයි. අපේ නිර්ධන පාන්තික ජනාධිපති සහෝදරයා එතුමාට අමතක වුණා එතුමා අවෙ කොහෙන්ද කියලා. මට හොඳට මතකයි මම අවෙ කොහෙන්ද කියලා. මම ගියේ 375 බස් එකේ. ඒව මතකයේ තියෙනවා.

දිලිත් ජයවීර මේ බව කියා සිටියේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ සර්වජන සභා පිහිටුවීමේ අවස්ථාවලටට සහභාගි වෙමිනි.