29 C
Colombo
Tuesday, November 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගයට අදාළ උප­කා­රක පන්ති අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය සම්පූ­ර්ණ­යෙන්ම අව­සන් වන තෙක් පැවැ­ත්වීම තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය දැනුම් දෙනවා.

උසස් පෙළ විභා­ගය මේ මස 10 වැනිදා ආරම්භ කර දෙසැ­ම්බර් මස 05 වැනිදා දක්වා මධ්‍ය­ස්ථාන 2,362කදී පැවැ­ත්වී­මට සැල­සු­ම්කර තිබෙනවා.

මේ කාලයේ විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති පැවැ­ත්වීම සහ එම පන්ති මෙහෙ­ය­වීම, විෂ­යා­නු­බද්ධ දේශන, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, විභා­ගය සඳහා අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න­පත්‍ර මුද්‍ර­ණය සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහ­නම් කර තිබෙනවා.

යම් අයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් මේ නියෝග නොස­ලකා ක්‍රියා කළොත් ඒ තැනැත්තා හෝ ආය­ත­නය හෝ එම පාර්ශ්වය ප්‍රසිද්ධ විභාග පනත යටතේ වර­ද­ක­රු­වකු වන බව විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය පවසනවා.

විභාග නියෝග කඩ කරන අයකු වේ නම් ඒ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි ළඟම තිබෙන පොලිස් ස්ථාන­යට හෝ පොලිස් මූල­ස්ථා­න­යට හෝ ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළ හැකියි.

පොලිස් මූල­ස්ථා­න­යට 011-2421111, පොලිස් හදිසි ඇම­තුම් අංක­යට 119, ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ක්ෂණික ඇම­තුම් අංකය 1911, පාසල් විභාග සංවි­ධාන හා ප්‍රති­ඵල ශාඛාව 011-2784208, 011-2784537 අංක­ව­ලට විභාග පැමි­ණිලි දැනුම් දිය හැකියි.