2025 සිදුකරන ලද වැටුප් සංශෝධන වලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද (නොවැ. 7) 2026 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ය.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා, සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරන බව ය.
2020ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
මෙම සංශෝධිත විශ්‍රාම වැටුප 2026 ජූලි සිට ගෙවීමට රු මිලියන 20,000ක් වෙන් කරන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.


