22.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙදෙනෙකුට එළොව යැවූ රිය අනතුර

දෙදෙනෙකුට එළොව යැවූ රිය අනතුර

ඊයේ (18) රාත්‍රී කාලයේ අරලගංවිල පොලිස් වසමේ අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ බෝගස්හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙහෙරගල දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් අයෙක් වැඩිදුර ප්‍රථිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය පුද්ගලයින් අවුරුදු 21 හා 55 යන වයස්වල පසුවන රුහුණුගම හා අරලංගවිල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෘත ශරීර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.