24.5 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

‘ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවති තරගයෙන් බංග්ලාදේශ ‘A’  කණ්ඩායම  පරාජය කර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් වුුුණා

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 159ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 153ක් පමණයි.

නායක දුනිත් වෙල්ලාලගේ    ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්ඉරියව්නේ දක්ෂතා දැක්වීමට  සමත් වුණා.

පන්දුවට පහරදීමෙන් පන්දු 14කින් ලකුණු 23ක් රැස්කළ දුනිත්, පන්දු යැවීමෙන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගැනීම විශේෂත්වයක්.

තරගයේ වීරයා  සම්මානයෙන් පිදුම් ලැබීමට ඔහු සමත් වුණා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහා හිදීයි.

ශ්‍රී ලංකාව  ලැබූ ජයත් සමග A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට ඔවුන්  පැමිණ තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්තානයට තරගාවලියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.