28.4 C
Colombo
Saturday, November 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුගන්නාවේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

කඩුගන්නාවේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, සිව්දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බවය.

ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී තිබේ.

මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. 

සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බවය.