25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබයිඩන් ‘බූස්ටර්’ ගනී

බයිඩන් ‘බූස්ටර්’ ගනී

අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ගත් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. ධවල මන්දිරයේදී ජනාධිපතිවරයා බූස්ටර් එන්නත ගත්තේ එරට ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් ඊට අනුමැතිය දීමෙන් දින කිහිපයකට පසුවය.

කොවිඩ් වසංගතය පරාජය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් බූස්ටර් එන්නත මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇතැයි කී ජනාධිපතිවරයා සෙසු අයට ද බූස්ටර් එන්නත ගැනීමට දිරිගැන්වීමක් කළේය. ‘කරුණාකර ඇවිත් බූස්ටර් එන්නත ගන්න. එය ඔබේ ජීවිතය වගේම ඔබ වටා සිටින අයගේ ජීවිත බේරා ගැනීමටත් උපකාරී වේවි.’ ඔහු එන්නත ගැනීමෙන් පසු එසේ ප්‍රකාශ කර තිබේ.

74 හැවිරිදි අමෙරිකානු ජනාධිපතිවරයා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව පසුගිය ජනවාරියේදී ගත් අතර, දෙවැනි එන්නත් මාත්‍රාව ගත්තේ මීට මාස 6කට පෙර බැවින් බූස්ටර් එන්නත ගැනීමට සුදුසු කාලය සම්පූර්ණ වී තිබිණි.