― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසහරාන්ගේ වාහනය දැන් තියෙන්නේ සරත් වීරසේකර ළඟද..? - පාර්ලිමේන්තුව උණුසුම් කළ හරීන්ගේ...

සහරාන්ගේ වාහනය දැන් තියෙන්නේ සරත් වීරසේකර ළඟද..? – පාර්ලිමේන්තුව උණුසුම් කළ හරීන්ගේ ප්‍රකාශය

පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරට චෝදනාවක් සිදුකළා.
ඒ සරත් වීරසේකර මන්ත්‍රීවරයා මේ වනවිටත් භාවිත කරන්නේ සහරාන්ගේ වාහනයක් බවයි.

ගරු කථානායකතුමනි, පුංචි අවදානයක් යොමු කරන්න කැමතියි.
සරත් වීරසේකර ඇමතිවරයත් මෙතන ඉන්න එක හොදයි.
ලංකාවේ ප්‍රධාන මාධ්‍යවේදියෙක් වන රංග ශ්‍රීලාල් සටහනක් දාලා තියෙනවා වාහනයක පින්තූරකයක් සමග.
සහරාන්ගේ වාහනය සරත් වීරසේකර ඇමතිවරයා පාවිච්චි කරනවා කියලා මෙහි සඳහන්ව තිබෙනවා.
මේ ගැන ඔබතුමාම උත්තරයක් දෙන එක හොඳයි.

හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර

අද උදේ මට ඕක ආරංචිය ආවම මම මහජන ආරක්ෂක ලේකම් වරයගෙන් ඇහුවා.
එතකොට කිව්වා මේක රාජසන්තක වාහනයක්.
පොලිසිය විසින් මේක විශේෂ කාර්ය බලකායට අනියුක්ත කරලා තියෙනවා.
මම පාවිච්චි කරන්නේ නෑ.. මේක විශේෂකාර්ය බලකාය පාවිච්චි කරන්නේ.