ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීම නිසා දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන තිබෙන අර්බුදය තවත් වර්ධනය වෙමින් පවතින බව උතුරේ ආරංචි මාර්ගයක් හෙළි කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (29) කොළඹ පැවති සාකච්ඡාවට එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන එම්. එම්. සුමන්තිරන් මහතාට ආරාධනා කර නැති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ වගවීම ඇතුළු කරුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට මිත්‍ර පාර්ශ්ව විසින් ලියන ලද ලිපියකින් පසුව දෙමළ ජාතික සන්ධානය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආරවුල් හෙළිදරව් වී තිබේ.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේම මන්ත්‍රීවරු කිහිප දෙනකුම ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමට පටන් ගත් අතර, ජිනීවා නුවරට යවන ලද ලිපිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පිරිස විසින් දක්වන ලද අදහස් එකිනෙක පරස්පර විය.
කෙසේ වෙතත් මේ අර්බුද හා දෙමළ ජාතික සන්ධානය විසින් මීළඟට ගනු ලබන තීන්දු තීරණ සාකච්ඡා කිරීම සඳහා කොළඹ පිහිටි සම්පන්දන් මන්ත්‍රීවරයාගේ නිවෙසේ පැවති සාකච්ඡාවට සුමන්තිරන් මන්ත්‍රීවරයාට ආරාධනය කොට නොතිබිණි.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ