22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් කළ කිරිපිටිවලින් කල් ඉකුත් නොවූ ප්‍රමාණය කියන්න

නිදහස් කළ කිරිපිටිවලින් කල් ඉකුත් නොවූ ප්‍රමාණය කියන්න

වජිර අබේවර්ධන

අගමැතිවරයාගේ නියෝග අනුව මහ බැංකුව නිකුත් කළ ඩොලර් වැය කර රේගුවෙන් නිදහස් කළ කිරිපිටිවලින් කොපමණ ප්‍රමාණයක් කල් ඉකුත් නොවී තිබුණේ දැයි ආණ්ඩුව වහාම හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ (30) පැවති සාකච්ඡාවක් අතරවාරයේය.

රට තුළ පවතින ඩොලර් හිඟය නිසා රේගුවේ දිගු කලක් සිරවී තිබූ කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මහ බැංකුවෙන් නිකුත් කළ ඩොලර් යොදවා නිදහස් කළද ආහාර වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වී තිබූ බවට තොරතුරු ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.

සැලැස්මක්, වැඩපිළිවෙළක් හෝ ඉදිරි දැක්මක් නැතුව ආණ්ඩුව මෙතෙක් ක්‍රියා කළ ආකාරයෙන්ම ජනතාවට දැන් කල් ඉකුත් වූ ආහාර ගැනීමටත් සිදුවේ දැයි සැකයක් පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශිරෝමි අබයසිංහ