27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතායිලන්තයේගංවතුරෙන් ලක්ෂ දෙකක් අවතැන්

තායිලන්තයේගංවතුරෙන් ලක්ෂ දෙකක් අවතැන්

තායිලන්තයේ පසුගිය දින කිහිපය තුළ නගර රැසක් ජලයෙන් යට කරමින් දහස් ගණනින් ජනතාව විපතට ඇද දැමූ ධාරානිපාත වර්ෂාවේ අවදානම් තත්ත්වය පහවී ගොස් ඇතැයි එරට ආපදා සහන බලධාරීන් ප්‍රකාශ කළ ද, බැංකොක් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට යළි ගංවතුර අවදානමක් මතුවී ඇතැයි වාර්තා වේ. පසුගිය ඉරිදා හටගත් මේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබූ අතර, තවත් දෙදෙනකු අතුරුදන් වූ බව වාර්තා වේ.

මීට අමතරව තවත් පළාත් 30ක පවුල් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇති අතර, ඉදිරියේදී මේ තත්ත්වය වර්ධනය වනු ඇතැයි දැන් අනාවැකි පළ වී තිබේ. බැංකොක් නුවර ඇතැම් ප්‍රදේශ ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීමට බලධාරින් පියවර ගෙන තිබුණ ද, නිවාස 70,000ක් පමණ ජලයට යටවී ඇතැයි වාර්තා වේ.