― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරඹුක්කන සිදුවීම ගැන පොලීසිය සුරංගනා කතා කියනවා

රඹුක්කන සිදුවීම ගැන පොලීසිය සුරංගනා කතා කියනවා

රඹුක්කන සිදුවීම ගැන පොලීසිය සුරංගනා කතාවක් කියන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 20 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහල යන තත්ත්වයක් ඇතුළෙත් ඉන්ධන මිල ඉහළ දැම්මා. ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් හදනවා කියලා කිව්වා. ඒ අරමුදල එකතු කරලා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යනකොට පාවිච්චි කරනවා කියලා කිව්වා.
 ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලෙ  රුපියල් කෝටි දෙසීයක පමණ මුදලක් එකතු වෙලා තිබුණා කියලා කිව්වා. ඒවාට වෙච්ච දෙයක් මොකුත් නෑ අවසානයේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යනවා ඉහළ යනවා කිය කිය අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යනවා.
 ඉන්ධන මිල ඉහළ යාම කියන්නේ ප්‍රවාහනය මිල ඉහළ යාම ඒ කියන්නේ සියලුම දේවල් වල මිල ඉහළ යාම සිද්ධ වෙනවා විශේෂයෙන් බලශක්තිය භාවිතා කරද්දී බල ශක්තිය භාවිතා කරලා නිෂ්පාදනය කරන දේවල් වල තව මිල ඉහළ යනවා.
 අත්තනෝමතික විදිහට ඉන්ධන මිල ඉහළ දමමින් ආණ්ඩුව යනවා. ප්‍රශ්න එද්දි  ආණ්ඩුව උත්තරය කියලා කරේ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරා. අලුත් බලශක්ති හා ඛනිජ තෙල් ඇමතිවරු පත් කරා අලුත් ඇමතිවරු යටතේත් ඉස්සෙල්ලා හා හා පුරාම කියලා කරපු එක තමයි මිල ඉහළ නැංවීම.
 මේකට විරුද්ධව තමයි රට පුරාම ජනතාව මාර්ග වලට බැහැලා පාරවල් අවහිර කරලා උද්ඝෝෂණවල නිරත වුණේ.
 රඹුක්කන උද්ඝෝෂණයට පොලිසිය වෙඩි තැබීමක් කරලා ඒ වෙඩි තැබීමෙන් මේ වෙනකොට එක තරුණයෙක් මිය ගිහිල්ලා තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඉන්න තවත් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතලයි කියලා තියෙනවා.
 දාහත් දෙනෙක් පමණ දැනට ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඝාතනය වූ සංඛ්‍යාව 1 ඉලක්කම ඉඳලා එතනින් එහාට වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඇතැම් රෝගීන් ඉතාම බරපතළ තත්ත්වයක ඉන්න නිසා.
 ඒ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොදුවේ පොලිසිය කියන කතාව මොකක්ද.
 පොලිසිය සුරංගනා කතාවක් වගේ කතාවක් කියනවා. ඒ අය මාර්ගය අවහිර කරගෙන හිටියා. ඒ අය විසුරුවාහරින්න සිද්ධ වුණා. විසිරුවා හැරීම සඳහා ගිය  පොලීසියට ගල් ප්‍රහාර එල්ල කිරීම නිසා පොදු දේපල විනාශ කරපු නිසා වෙඩි තියන්නේ සිද්ධ වුණා අවම බලය පාවිච්චි කරන්න සිද්ධ වුණා කියලා.
 අපි දන්න තොරතුරුවලට අනුව එතැන සාමකාමී ලෙස පිරිස රැස් වෙලා හිටියා. දුම්රිය මාර්ගය අවහිර කරගෙන හිටියා. තෙල් බවුසරයක් නවත්වාගෙන හිටියා.
 තෙල් බවුසරය නවත්වාගෙන ඉන්න හේතුව තමයි ඔවුන් කිව්වේ දිගටම තෙල් එන්නෙ නැතුව ඉඳල තෙල් බවුසරයක් ඇවිල්ල තියෙනව ඒක පරණ ආපු එකක්. ඒක නව මිලට අලෙවි කරන්න ගියා. ඒකත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක් එක්ක. තෙල් බවුසරයක් නවත්වාගෙන දුම්රිය මාර්ගය අවහිර කරගෙන තමයි රඹුක්කන ප්‍රදේශයේ ජනතාව හිටියෙ.
 ඒ අය දවල් ආහාරය අරගෙන තිබුන කිසිම කලබලකාරී තත්ත්වයක් තිබුණේ නෑ. රාත්‍රී ආහාරය සූදානම් කරන මොහොතේ තමයි එක විටම මේ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වෙන්න පටන් ගත්තෙ.
 මොන මෝඩයා ද මේකට අණ දුන්නේ කියන එක වෙනම හොයාගන්න ඕනේ.
 නිසොල්මන්ව තිබුණු උද්ඝෝෂණයකට එකවර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පොලිසිය කියන්නේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල උනාට පස්සේ ගල් ප්‍රහාර එල්ල වුණා පොදු දේපලවලට හානියක් වුණා කියලා.
 අපි ළඟ තියෙන ඡායාරූප සාක්ෂි වීඩියෝ සාක්ෂි ඒ සියල්ලෙන් පේනවා පොලිසියේ කරුණු පැහැදිලි කිරීම වැරදියි කියලා.
 උදාහරණයක් විදියට පොලීසිය කියනවා යතුරුපැදියක් ගිනි තිබ්බා කියලා.
 යතුරුපැදිය ගිනි තියද්දී මේක හරියට මිරිහානේ  බස් එක ගිනි තියනවා වගේ තමයි. ඉතාම පැහැදිලි දර්ශනයක් තියෙනවා යතුරුපැදිය ගිනි තියනවා හෙල්මට් පැළඳ ගත්ත දෙන්නෙක් ඇවිත්.
 ඒකත් එක්ක එතන කට්ටිය කතා වෙන එක තියෙනවා. මෙන්න මේ අයියා දැක්කා පොලිසියෙන් ගිහිල්ලා ත්‍රීවිල් එක ගිනි තියෙනවා කියලා.
 ඒක වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා. අර ත්‍රිරෝද රථය ගිනි තියන්නේ පොලිසිය කියලා බොරු ද ඒ මිනිස්සු කියන්නේ.
 යතුරුපැදියක් කුඩු කරපු එක ඡායාරූපයක් තියෙනවා පොලිසිය ජනතාව පලවා   හැරීමෙන් පස්සේ යතුරුපැදි ටික හොඳට තියෙන ඡායාරූපයක් තියනවා. එතනින් පස්සෙ තියෙන්නෙ යතුරුපැදි කුඩු කරලා.
 යතුරුපැදි කුඩු කිරීමට නිශ්චිතවම පොලිසිය සම්බන්ධයි. නැත්නම් පොලිසියට මුවා වෙලා හිටපු යම් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැර කණ්ඩායමක් සම්බන්ධයි.
 අපි දන්න තොරතුරු අනුව එතන මැර කණ්ඩායමකුත් හිටියා. පොලිසියත් එක්ක පොලිසියේ ආරක්ෂාව ලබමින් ජනතාවට පහර දෙන්න ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ මැර කණ්ඩායමකුත් ඇවිල්ලා හිටියා.

 තෙල් බවුසරයක් ගිනි තියන්න හැදුව කියන එකට අදාල සාක්ෂි කොහෙද තියෙන්නේ. කිසිම සාක්ෂියක් එතන නැහැ. තෙල් බවුසරය ට  කිසිම හානියක් සිද්ධ නොවී ගෝඨා ගෙදර යනු කියලා ඒ තෙල් බවුසර් එකේ ගහලා  තියනවා ඡායාරූප තියෙනවා.
 ජනතාව එතනින් පලවා හැරියාට පස්සේ තෙල් බවුසරයේ ඉදිරිපස කොටසට හානි වෙලා තියෙන ඡායාරූප තියෙනවා.
 මේ හානි කලේ කවුද.. හානි කරන්න විදිහක් නැහැනේ උද්ඝෝෂකයෝ. උද්ඝෝෂකයෝ පලවා හැරියාට පස්සේ තමයි තෙල් බවුසරය ට හානි වෙලා තියෙන්නෙ.

 පොලිසිය ම ද මේ හානිය කළේ. මිරිහානේදී බස් එකක් ගිනි තිබ්බා කියලා ලොකු නාඩගමක් රඟ දැක්වූවා දැන් හෙළිදරව් වෙලා තියෙනවා බස් එක ගිනි තියාගත්තෙ පොලිසිය මයි කියලා.
 බස් එක ගිනි තියන්න අර මුහුදු මංකොල්ලකාරයා ගෙ සෙට් එක තමයි සම්බන්ධ වුණේ කියලා කවුරුත් දන්නවා.
 ඉන්ධන පිරවුම්හල ගිනි තියන්න යන දර්ශනයක් තියෙනවා. ඒකෙ උද්ඝෝෂකයෝ ප්‍රදේශයේ ජනතාව තමයි ඇවිල්ලා අන්න ශෙඩ් එක ගිනි තියන්න යනවා කියලා ගින්න නිවන්නේ.
 උද්ඝෝෂකයෝ ගින්න නිව්වා නම් ගිනි තිබ්බේ කවුද.
 මෙතන ප්‍රකෝපකාරී ව සිද්දි ක්‍රියා සිදු කරන්න පොලිසියේ මැදිහත් වීම සහිතව කණ්ඩායමක් මැදිහත් වෙලා කියලා හරි පැහැදිලිය. ඒක මිරිහානේදී වගේම. මිරිහානේදී මුහුදු මංකොල්ලකාරයා ගේ මැර කණ්ඩායම මේකට සම්බන්ධ වුණා .
 රබුක්කන දී තව කවුරුහරි ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැර කණ්ඩායමක් මේකට සම්බන්ධ වෙලා ඇති.
 ජනතාව ගල් පහර ගැසුව කියල කිව්වට අන්තිමට ඡායාරූප තියෙන්නේ පොලිස් නිලධාරීන් ගල් අරගෙන ඉන්නවා. පොලිස් නිලධාරීන් ගල් අතේ තියාගෙන හිටියෙ මොකටද.
 පොලිසියට ගල් වලින් ගහන්න පුලුවන්ද.
 අවම බලය කියන්නේ ජීව උණ්ඩ දාලා  වෙඩි තියන එකට නම්  උපරිම බලය මොකක්ද.
 පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සහ පොලිස්පතිවරයා ලැජ්ජ නැතිව ද ඇ විල්ල කියන්නේ අවම බලය පාවිච්චි කරා කියලා.
 පාතාලේ පාතාලය පාතාලේ කිය කිය මිනිස්සුන්ව මරද්දි අත් අඩංගුවට ගත්තු අය අමු අමුවේ මරද්දි මේක ඉස්සරහ නිහඬව ඉන්න එපා මේවා වැරදි මේවා වෙන වෙන විදි වලට පාවිච්චි වෙනවා කියලා අපි දිගින් දිගටම කිව්වා. නමුත් සමාජයේ ඒක සම්බන්ධ නිහැඬියාවක් තිබුණා.
 අද ජනතාවට තේරෙනවා ඒ විදියට පොලීසිය විසින් මිනිසුන්ව අරගෙන ගිහිල්ල ආයුධ පෙන්නන්න කියලා මරද්දි ඒවාට විරුද්ධ විය යුත්තේ ඇයි කියලා.
 එක වීඩියෝ දර්ශනයක් තියෙනවා තනියම පුද්ගලයෙක් පාළු පාරක යද්දි පන්නගෙන ගිහිල්ලා වෙඩි තියන දර්ශනයක්. පන්න පන්න වෙඩි තියෙන දර්ශන තියෙනවා.
 පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තිබ්බා කියලා කියද්දී. මේ වීඩියෝ දර්ශන සම්බන්ධ පොලිසියේ පැහැදිලි කිරීම මොකක්ද

 ගොඩක් අයගේ පිටට වෙඩි තියලා තියෙන එක සම්බන්ධ පොලිසිය පැහැදිලි කිරීම මොකක්ද.
 විසුරුවා හරින්න වෙඩි තිබ්බා කියන එක බොරුවක්. පොලීසිය අවම බලය පාවිච්චි කරා කියන එක වැරදියි.
 ඇත්තටම සිද්ධ වුණේ මිනිස්සු කන්න ඉල්ලද්දි මිනිස්සු තෙල් ටික ගෑස් ටික ඉල්ලද්දී ඒ මිනිස්සුන්ට වෙඩි තිබ්බා.
 ජනාදිපතිවරයා පහුගිය දවස් වල කිව්වා පෝලිම් වල ජනතාවගේ කෝපය සාධාරණයි කියලා. සාධාරණ නිසාද මේ වෙඩි තිබ්බේ.

 මේක අමුතු දෙයක් නෙමෙයි මෙයාගේ අයියා ජනාධිපති වෙලා ඉද්දී රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා.
 මල්ලි ඇවිල්ල කන්න ඉල්ලන රස්සාව කරගෙන ඉන්න ඕන කියන තෙල්ටක ඉල්ලන මිනිස්සුන්ට වෙඩි තියනවා

 දැන් අන්තිමට මේ කරන්න හදන්නේ මේ එන මහජන රැල්ලට මර්ධනයක් පෙන්නලා බය කරන්න හදන්නේ.
 ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කලින් කිව්වා එක කාක්කෙක් මරලා තට්ට  එල්ලුවට පස්සේ හරි කියලා.
 ඒක ද දැන් මේ අත්හදා බලමින් තියෙන්නේ.
 අගමැතිවරයා ජාතිය අමතද්දී දිගටම 88 89 මතක් කරා. තර්ජනාත්මකව කතා කළේ. අගමැතිවරයා ඒ තර්ජනය කළේ මේ වෙඩි තැබීම සඳහා ද.
 මේ වෙඩි තැබීමට ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඒ සියලූ බලධාරීන් සම්බන්ධයි.
 පොලීසිය භාරව අලුතෙන් පත් කරපු ඇමති ප්‍රසන්න රණතුංග කුප්‍රකට මැරයෙක්. ප්‍රසන්න රණතුංග මේ අණ දුන්නා ද. පොලීසියක ඕඅයිසී කෙනෙකුට මේ අණ දෙන්න බලයක් නෑ.
 මේ අණ නිකුත් කලේ කවුද. පොලීසිය භාර ඇමතිවරයා මේකෙ වගකීම බාර ගන්නවාද.
 අපි දන්නා තොරතුරු වලට අනුව පැය භාගයක් ඇතුළත දුම්රිය මාර්ගය ක්‌ ලිය  කරන්න කියලා දිලුම් අමුණුගම කතා කරලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවට . දිලුම් අමුණුගම මේකට සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද.

 කෑගල්ලේ කනක හේරත් මේ බවුසර එක පවා ඔහුට සම්බන්ධයි. ඔහුගේ ලේකම් වරයෙක්ගේ ආයතනයකට සම්බන්ධ බවුසර එකක් මේක. මෙතන ඇවිල්ල හිටපු මැර කණ්ඩායම් වලට කනක හේරත්ගේ සම්බන්ධයක් තියෙනවා.
 දිලුම් අමුණුගම කනක හේරත් ල ප්‍රසන්න රණතුංග ල මේ මිනීමැරුම්  එක්ක තියන සම්බන්ධය මොකක්ද
 මේ වෙඩි තැබීම සඳහා අණ දුන්නේ කවුද දේශපාලන අණ දුන්න තැන සිට මේක සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් සහිතව අපිට කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න බයේ හැංගිලා ඉන්නේ.
ඇඳුමෙ චූ ගිහිල්ලා ඉන්නේ. එලියට ඇවිල්ල පැහැදිලි කරන්න කවුද අණ දුන්නේ කියලා. ඇඳන් අස්සෙ හැංගිලා ඉඳලා වෙඩි තියන්න කිය කිය අණ දෙන්නේ නැතුව කමල් ගුණරත්න ඇවිල්ලා කියන්න.

 බිම වැටිල තියෙන කොපු මියගිය අයගේ ඇඟේ තියෙන මූනිස්සම් ඒවගෙන් හොයාගන්න පුළුවන් මොන තුවක්කුවෙන් ද මේ වෙඩි නිකුත් වෙලා තියෙන්නෙ කියලා.
 ඒ තුවක්කු පොලිසිය පාවිච්චි කරපු ඒවා නම් එක් එක් තුවක්කුව පාවිච්චි කරපු පොලිස් නිලධාරියා කවුද කියලා හොයාගන්න පුළුවන්
 වෙඩි තිබ්බේ කවුද කියන එක සම්බන්ධව වහාම විමර්ශනයක් අවශ්‍යයි.
 අද මේ වෙනකොට අගමැතිවරයාගේ ජනාධිපති වරයාගේ තංගල්ල කාල්ටන් නිවස වටකරගෙන ඉන්නවා ජනතාව ගිහිල්ලා.
 මේවා කරලා බය කරන්න හිතාගෙන ඉන්නවා නම් මේවගෙන් වෙන්නේ සටන්කාමීත්වය තව වැඩි වෙන එක.
 ගෝල්ෆේස් අරගලය දිය වෙනවා කියන්නේ සමාජයක් දිය වෙන එක අපි ඒකට ඉඩ තියන්නේ නෑ. අපි උද්ඝෝෂකයන් ගෙන් ඉල්ලා සිටිනවා 
 පාරට බැහැලා ඉන්නේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මේක දේශපාලන ව්‍යාපාරයක නායකත්වයක් නැතුව ජනතාව තමන්ම සංවිධානය වෙලා තමයි මේ පාරට බැහැලා තියෙන්නේ ඒක නරක නෑ.
 හැබැයි ඒකට යන්න පුළුවන් දුරක් තියෙනවා සීමාවක් තියෙනවා. ඒක වර්ධනය කරන විදිය අපි කථා කරමු. මේක ඇතුලෙ විවිධ කුමන්ත්‍රණ දියත් වෙනවා.
 විවිධ කල්ලි කණ්ඩායම් ආණ්ඩුවෙන්ම විවිධ ඔත්තු සේවාවල පුද්ගලයන් රජය විසින්ම උද්ඝෝෂකයන් අතරට ඇතුල් කරල විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා කරලා මර්දනය සඳහා වන ඉඩකඩ ඇති කරනවා.
 පොදු දේපල විනාශ කිරීම සඳහා වෙනම කණ්ඩායම් යොදවලා තියෙනවා ඒවා ගැන සැලකිලිමත් වෙන්න.
 මර්දනය කිරීම සඳහා වන ඉඩ ඉතුරු කරන්න එපා ආණ්ඩුවට හෝ අනෙකුත් රාජ්‍ය ආයතන වලට.
 පොලීසිය සහ අනිකුත් හමුදා නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ දෙන අනීතික අණ පිළිපදින්න එපා. වෙඩි තියන්න හෝ පහර දෙන්න කියලා දෙන අණ පිළිපදින්න එපා.

 මිනිස්සු පාරට බැහැලා කියන ප්‍රශ්නය පොලිස් නිලධාරියාට හමුදා නිලධාරියාට හැමෝටම තියෙනවා.
 පොලිසියේ හමුදාවේ කෙනා 260ක් දීලා තමා හාල් කිලෝ එක ගන්නෙ. පරිප්පු කිලෝව ගන්නෙ රුපියල් පන්සියයක් දීලා.
 මේ ආණ්ඩුව හැමදාම තියෙන්නෙ නෑ. අන්තිමට මේ ආණ්ඩුව දේශපාලන නායකයෝ පැනලා යයි ඒගොල්ලන්ගෙ රටවල් වලට .. මේ කරන අපරාධ වලට වන්දි ගෙවන්න වෙන්නේ මේ අණ ක්‍රියාත්මක කරපු නිලධාරීන්ට.