― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ යෝජනාව සම්මතයි

අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ යෝජනාව සම්මතයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව අද (21) පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් එහිදී යෝජනා වී තිබේ.

එයට සියලුම මන්ත්‍රීවරුන් අත් ඉහළට ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කර ඇත.