29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්යාංශයේ පුත්තලම ඒකකයේ ස්ථානාධිපතිවරයා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටිය මාම්පූරියේ පදිංචිව සිටි පොලිස් පරීක්ෂකවරයෙකි.
පසුගිය 19 වැනිදා පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂකවරයා පැදවූ යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂකවරයා ඊයේ (21) පස්වරුවේ මෙලෙස මියගොස් තිබේ.

පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.