28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටෝකියෝ නුවර පිහි ඇනුමෙන් 10කට තුවාල

ටෝකියෝ නුවර පිහි ඇනුමෙන් 10කට තුවාල

ජපානයේ ටෝකියෝ නුවර මගී දුම්රියක් තුළදී පිහි ප්‍රහාරයකට ලක් වී පුද්ගලයන් 10ක් තුවාල ලබා ඇතැයි බීසීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදු වූ මේ පිහි ප්‍රහාරයට ලක් වූ ශිෂ්‍යාවකගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

36 හැවිරිදි පුද්ගලයකු විසින් මේ පිහි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන අයකු බව විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ටෝකියෝ නුවර පොලිසිය සඳහන් කළේය. දුම්රියේදි කාන්තාවන් පිරිසක් සතුටින් සිටින බව දැකීමෙන් තමා කෝපයට පත් වූ බවත්, ඔවුන් ඝාතනය කිරීමට තරම් ආවේගයක් සිතට දැනුණු බවත් ඔහු පොලීසියට සඳහන් කර තිබේ. ජපානයේ අපරාධ සිදුවීම් ඉතා අඩු මට්ටමක පවතින අතර, ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීම හේතුවෙන් ටෝකියෝ නුවර ආරක්ෂාව ද තර කර තිබිණි. එබැවින් මේ පිහි ප්‍රහාරය දැඩි අවධානයට ලක් වී ඇත.