සරසවියේදී එකට ඉගෙන ගත් සාමාන්‍ය පවුලක තරුණයකු වන කෙයි කොමුරෝ සමඟ පෙමින් බැඳී පසුගිය කාලයේ ලොව පුරා කතාබහට ලක් වූ ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ මිනිපිරිය මාකෝ කුමරිය මේ මස 26 වැනිදා යුග දිවියට පිවිසීමට නියමිත බව වාර්තා වේ. වසර 2018 දී කොමුරෝ සමඟ විවාහ වීමට තීරණය කර තිබුණත් ඒ සඳහා සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවන බව කියමින් ඇය විවාහය කල් දමා ගත්තාය. ජපානයේ සාමාන්‍ය පවුලක තරුණයකු සමඟ විවාහ වන බැවින් මාකෝ කුමරියට ඇගේ රාජකීයත්වය අහිමි වන අතර, එය ආදරයට බාධාවක් නොවන බැවින් කොමුරෝ අත් නොහැරීමට තීරණය කිරීම නිසා මාකෝ කුමරිය ජපාන වැසියන්ගේ ආදරයට පාත්‍ර වූවාය.
විවාහයෙන් අමෙරිකාවට සංක්‍රමණය වීම මේ දෙදෙනාගේ බලාපොරොත්තුව වී තිබේ. එහි දී කොමුරෝ නීතිඥයකු ලෙස රැකියාවක නිරතවිමට අදහස් කර ඇතැයි ද වාර්තා වේ.