32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋන්මත්තකව හැසිරුණු ගුවන් මඟියා මියාමි පොලිස් දැලේ

උන්මත්තකව හැසිරුණු ගුවන් මඟියා මියාමි පොලිස් දැලේ

කොලොම්බියාවේ සිට අමෙරිකාවේ මියාමි අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක මඟියකු එහි හදිසි දොරටුව විවෘත කර ගුවන් යානයේ තටුවක් මතට පැන සිදු කළ නීතිවිරෝධී හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මියාමි ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමෙන් පසු මඟීන් ප්‍රවේශ වන දොරටුව වෙත ගමන් කරමින් සිටියදී මේ සිදුවීම වාර්තා වී ඇත. ගුවන් යානයේ තටුවකට පිවිස අනතුරුව බිමට පැන තහනම් ප්‍රදේශයකට ඇතුළු වීමට එම පුද්ගලයා උත්සාහ ගෙන ඇති අතර, පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය. අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු ජැක්සන් අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇත.