කොලොම්බියාවේ සිට අමෙරිකාවේ මියාමි අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක මඟියකු එහි හදිසි දොරටුව විවෘත කර ගුවන් යානයේ තටුවක් මතට පැන සිදු කළ නීතිවිරෝධී හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මියාමි ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමෙන් පසු මඟීන් ප්‍රවේශ වන දොරටුව වෙත ගමන් කරමින් සිටියදී මේ සිදුවීම වාර්තා වී ඇත. ගුවන් යානයේ තටුවකට පිවිස අනතුරුව බිමට පැන තහනම් ප්‍රදේශයකට ඇතුළු වීමට එම පුද්ගලයා උත්සාහ ගෙන ඇති අතර, පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය. අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු ජැක්සන් අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇත.