28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ලේකම් නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ ලේකම් නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා මහතා  ඔක්තෝබර් 2 සිට 5 දක්වා සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
මෙම සංචාරය සිදු වන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුවය.
 
ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියේ ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් හිමිකරගෙන සිටී. විදේශ ලේකම්වරයාගේ සංචාරය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන සෑම අංශයකින්ම කෙරෙහිම සුහද සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
 
සංවර්ධන සහයෝගිතාවය යනු ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ කරන ද්විපාර්ශික ක්‍රියාදාමයේ ප්‍රධාන අංගයකි. ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවයන්ට අනුකූලව ඉන්දියාව, ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටී.
 
ඉන්දියාවේ සංවර්ධන ආධාර යටතේ, ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති , ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය; දුම්රිය මාර්ගය හා ධාවන පථ වැඩි දියුණු කිරීම; විදුලි වරාය පුනරුත්ථාපනය කිරීම; දික්ඔය බහු-විශේෂිත රෝහල; යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය; මන්නාරමේ තිරුකේතීෂ්වරම් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම; දීපව්‍යාප්ත හදිසි ගිලන්රථ සේවාව යනාදිය ඇතුළත් වේ.