28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් ආසාදිතයන්ට මරණ අවධානම අඩුකරන කැප්සූලයක්

කොවිඩ් ආසාදිතයන්ට මරණ අවධානම අඩුකරන කැප්සූලයක්

කොවිඩ් – 19 වෛරස් ආසාදිතයන් සඳහා ඖෂධයක් අමෙරිකානු වෛද්‍ය ආයතනයක් හඳුන්වා දී තිබේ.
 
මෝල්නුපිරවිර් ලෙස හැදින්වෙන කැප්සූලයක් වන මෙම ඖෂධය කොරෝනා වෛරසයෙන් දැඩි රෝගාබාධ ඇතිවීම හා මරණ අවධානම 50%කින් අඩු කරනු ඇතැයි අනාවරණය කර ගෙන ඇත. 
 
ඒ බව සායනික අත්හදා බැලීම්වලින් ද සනාථ කර තිබේ.
 
වෛරසයෙන් ඇති කරන අතුරු ආබාධ සඳහා යොදාගන්නා ඖෂධ හැරෙන්නට එය වෛරසය මර්ධනය කළ හැකි ඖෂධයක් මීට පෙර නොතිබූ අතර එය අමෙරිකාවේ හදිසි භාවිතය සඳහා අවසර ද ලබා ගැනීමට ක්‍රියා කර ඇති බව වාර්තා වේ.
 
කොරෝනා වයිරසයට එරෙහිව සොයා ගත් පළමු මුඛ ප්‍රතිවෛරස කැප්සූලය ලෙස ද මෙය හැදින්වේ.