පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
විපක්ෂයේ කිසිම බෙදීමක් නැති බවත්, සමඟියෙන් ඉදිරියට යන බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“සමඟි ජන බලවේගයට මන්ත්‍රීවරුන් පනස් ගානක් පත් වුණේ සජිත් ප්‍රේමදාස මහතා ගැන තිබෙන ග්‍රාමීය පිළිගැනීම නිසයි. එම ග්‍රාමීය පිළිගැනීම කාටවත් නැති කරන්න බෑ. රටේම අහිංසක ජනතාව ඔහු ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා.
පසුගියදා යුරෝපා සංගමයේ නියෝජිතයන් හමු වුණා. එයට විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මා සහභාගි වුණා. එහිදී විපක්ෂ නායකවරයා මේ රටේ වර්තමානය තත්ත්වය ගැන පැහැදිලි කළා. එහිදී මානව හිමිකම් උල්ලංඝනය වීම්, නීතියේ උත්තරීතරභාවයට ඇති වී තිබෙන ප්‍රශ්න, සිවිල් අයිතිවාසිකම් දුර්වල කිරීමේ උත්සාහය, ප්‍රජාතන්ත්‍රවාදයට අකුල් හෙලීම ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැහැදිලිවම ඉල්ලීම් කළේ මොන ප්‍රශ්න ආවත් ජීඑස්පී සහනය ලංකාවට අහිමි කරන්න එපා කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ රටේ ආර්ථික දුර්වලතා ගැන කරුණු අවබෝධ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම කිව්වේ ජීඑස්පී සහනය අපේ රටට වටිනවා. එය අහිමි කරන්න එපා කියලා.
දැනට අපේ රට මුහුණ දෙන අර්බුදවලට හේතුව 20 ව්‍යවස්ථා සංශෝධන බව මා එම සංගමයට පෙන්වා දුන්නා. ඒ හරහා රටේ උත්තරීතර ආයතන සියල්ලටම නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව නොලැබීම ගැන දැනුම්වත් කළා. එහිදී පුදුමයට කරුණක් වූයේ යුරෝපා සංගමය කළ ප්‍රකාශයයි. එම නියෝජිතයන් කිව්වා, 2015 නව ආණ්ඩුව යටතේ ගත් ජයග්‍රහණය සියල්ල මේ ආණ්ඩුව ආ පස්සට හරවන බව. එය යුරෝපීය සංගම් නියෝජිතයන් පසුගිය වසර දෙකේ අධ්‍යයනය කර තිබෙනවා.”
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්