27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුතුරාජ්ගේ ශතකය අපතේ යයි

රුතුරාජ්ගේ ශතකය අපතේ යයි

රුතුරාජ් ගයික්වාඩ් වාර්තා කළ ශතකය අපතේ යමින් අයිපීඑල් තරගාවලියේ 47 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිල හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 7කින් පරාජයට පත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 189ක් රැස් කළ අතර, එම ඉලක්කය ඕවර 17.3කදී පසු කළ රාජස්ථාන් පිලට අහිමි වූයේ කඩුලු 3ක් පමණි.

ශිවම් ඩූබේ සහ යශෂ්වි ජයිස්වාල් අර්ධ ශතක රැස් කරමින් රාජස්ථාන් පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.

හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් රැස් කළ ජයිස්වාල් වැය කළේ පන්දු 21ක් පමණි. ඩූබේ පන්දු 42කින් ලකුණු 64ක් ඉනිමට එක් කළේය.

චෙන්නායි පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ රුතරුරාජ් ගයික්වාඩ් අයිපීඑල් තරග බිමේ සිය මංගල ශතකය රැස් කළේ පන්දු 60කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟිනි.

මෙවර තරගාවලියේ වාර්තා වූ සිව්වැනි ශතකය මෙය වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දෙවැනි කොටසේදී වාර්තා වූ පළමු ශතකයයි.