ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆුමියෝ කිෂිඩා තේරී පත්ව ඇත. ඒ ජපානයේ හිටපු අගමැති යොෂිඩේ සුගා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.
ෆුමියෝ කිෂිඩා ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායකයාය.
ජපාන පාර්ලිමේන්තුවේ අද පැවැති ඡන්ද විමසීමේ දී බහුතර ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගැනීම හේතුවෙන් ඔහු ජපනායේ අග්‍රාමාත්‍ය ධුරය සදහා සුදුසුකම් ලැබීය.
කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගා සිය ධුර කාලය වසරකින් අවසන් කරමින් ඉල්ලා අස්විය.