― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරජයෙන් සත්‍ය තොරතුරු දීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කරයි

රජයෙන් සත්‍ය තොරතුරු දීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කරයි

ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ සහ ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණෙන් සතියකට වරක් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහ විටින් විට පැවැත්වෙන මාධ්‍ය රැස්වීම්වලට අමතරව සතියේ දින 07හිම මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සදහා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවද සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. තොරතුරු දැනගැනීමේ අපහසුව පසුගිය කාලයේ මෙරට පැවති විශාල ගැටලුවක් බවද, රාජ්‍ය සහ ජෞද්ගලික අංශ වල ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කිරීමේදී රජයෙන් තොරතුරු දැනගැනීමේ නිවැරදි ක්‍රමවේදයක් නොමැති බවත් ඇතැම්විට යමක් ගැන කතාකිරීමේදී සත්‍ය තොරතුරු රහිතව කතාකරන්නේද යන ගැටලුවට මුහුණ පෑමට සිදුවෙතැයිද ඔවුන් තමා සමග පැවසූ බව අමාත්‍යවරයා කියා සිටියේය. සතියේ දින 07හිම පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාව හෙට(27) සිට අරඹන බවද, එම මාධ්‍ය සාකච්ඡාවට ඒ ඒ අවස්ථාවට අනුකූලව රටේ පවතින ගැටලු අනූව වැදගත්ම යැයි හැගෙන අමාත්‍යංශ වල අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ තොරතුරු සපයන්නන් ගෙන්වාගනිමින් සාකච්ඡාව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා පැවසීය. සතියේ සෑම දවසකම උදේ වරුවේ මෙන්ම ඇතැම්විට සවස් වරුවේද එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන අතර එමගින් ජනතාවට අවශ්‍ය කරන සත්‍ය තොරතුරු ඒ ඒ ආයතන, ඒ ඒ අමාත්‍යංශ සම්බන්ධයෙන් මෙමගින් ලබාගත හැකි බවද මෙහිදී ජනතාවට ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

http://www.dinamina.lk/2022/04/26/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/145689/%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A