29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝලිලාත් අවසන් වටයේ

කෝලිලාත් අවසන් වටයේ

කෝලිලාත් අවසන් වටයේ

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

සාජාහිදී පැවැති අයිපීඑල් 48 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් පිල ලකුණු 6කින් පරාජය කිරීමත් සමඟ බැංගලෝර් පිල මේ අවස්ථාව උදා කර ගත්තේ අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි කණ්ඩායම ලෙසිනි.

මින් පෙර චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට එක් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිල ලකුණු 164ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පංජාබ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 158ක් පමණි.

මයාන්ක් අගර්වාල් ලකුණු 57ක් සහ නායක ලෝකේෂ් රාහුල් ලකුණු 39ක් රැස් කළ ද පංජාබ් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 3ක් දවා ගත්තේය.

බැංගලෝර් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 57ක් රැස් කළේ පන්දු 33කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟිනි. දෙව්දූත් පඩික්කාල් ලකුණු 40ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී මොයිසස් හෙන්රික්ස් සහ මොහොමඩ් ෂාමි කඩුලු 3 බැගින් බිඳ දැමූහ.