31.1 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොරෝනාවට බිය නෑ මාලදිවයිනේ පාපන්දු උණක් පැතිරෙයි

කොරෝනාවට බිය නෑ මාලදිවයිනේ පාපන්දු උණක් පැතිරෙයි

ලොව පුරා කොරෝනා අර්බුදය පැවැතියද මාලදිවයින වැසියෝ එ් පිළිබද කිසිදු තැකීමක් නොකර මේ දිනවල ක්‍රියාත්මක දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය නැරැඹීමට උන්මාදයකින් මෙන් මාලේ ජාතික ක්‍රීඩාංගණය අබියස පොදි කමින් සිටිති. මෙලෙස පැමිණෙන බොහෝ පිරිස් මුඛ ආවරණයක් හො පැලඳ නැතිව පාපන්දු තරග නැරැඹීමට මහත් උනන්දුවක් දක්වමින් සිටිති. ඊයේ වන විට මෙම ශූරතාවලියේ දින දෙකක් පමණක් ගෙවී ගිය අතර එම දින දෙකේදී 25000කට අධික ප්‍රේක්ෂක පිරිසක් දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය නැරැඹීමට ප්‍රවේශපත් මිළදීගෙන පැමිණ තිබිණි.

වසර 2කට පසුව මෙවැනි පාපන්දු ශූරතාවලියක් පැවැ.ත්වෙන හෙයින් දකුණු ආසියානු කළාපයේ විදේශිකයින් විශාල පිරිසක්ද මේවනවිට මාලදිවයිනට පැමිණ තිබේ.

‘කොරෝනාවට අපි බිය නෑ‘ (We are not afraid of the corona) යනුවෙන් ඇතැම් ප්‍රේකෂකයෝ පුවරු අතැතිව සිටිනු දක්නට ලැබුණි. මාලදිවයින ජනතාව 515,000ක් පමණ වෙසෙන අතර එයින් සියයට 65ක පමණ ප්‍රමාණයකට කොරෝනා එන්නත දී ඇත. ඊයේ වන විට මාලදිවයිනේ නව කොරෝනා ආසාදිතයින් 105ක් වාර්තාවී තිබූ අතර එදා මෙදා කොරෝනා මරණ 231ක් සිදුව ඇත.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට..