ඉතාලියේ මිලාන් නුවර පිහිටි හිස් කාර්යාල ගොඩනැගිල්ලක් මතට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එම ගුවන් යානයේ සිටි පුද්ගලයන් සියලුදෙනා ජීවිතක්ෂයට පත් වී ඇත. නිවාඩුවක් ගත කිරීම සඳහා මගීන් 6 දෙනකු රැගෙන සාර්ඩිනියා දූපතට ගමන් කරමින් තිබූ මේ ගුවන්යානයේ නියමුවන් දෙදෙනා ද ඇතුළුව පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සියලු දෙනාම ප්‍රංස ජාතිකයන් බව වාර්තා වේ. ගුවන් යානය ගොඩනැගිල්ල මතට කඩා වැටීමෙන් පසු ගිනිබත් වී ඇති අතර, ඒ මොහොතේ ගොඩනැගිල්ල අසල නවතා තිබු මෝටර් රථ කිහිපයක් ද ගින්නට හසු වී තිබේ.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
