28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජබ ආණ්ඩුවකදී ආර්ථික මර්මස්ථාන ගැන තීන්දු වෘත්තිය සමිති එකඟතාවෙන්

සජබ ආණ්ඩුවකදී ආර්ථික මර්මස්ථාන ගැන තීන්දු වෘත්තිය සමිති එකඟතාවෙන්

ඉදිරියේ දී බිහි වන සමඟි ජන බලවේග ආණ්ඩුවක් යටතේ රටේ ජාතික හා ආර්ථික මර්මස්ථාන පිළිබඳ සියලු තීන්දු තීරණ ගන්නේ කම්කරු ප්‍රජාව හා වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ පූර්ණ එකඟතාවන්ට අනුව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂයේ පක්ෂ නායකයින් හා වෘත්තීය සමිති නායකයන් සතිපතා එක්වී වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂ නායක කාර්යාලය පත් කර ගත යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වෘත්තීය සමිති නායකයෙන් රැසක් ඊයේ (6) විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වී කළ සාකච්ඡාවකදීය.

එම අවස්ථාවට විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය , ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයන් පැමිණ සිටි අතර, ඒ අනුව එම ආයතන නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය, සමඟි සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ස්වාධීන සේවක සංගමයේ නියෝජිතයන් එක්ව සිටියහ.

හොර රහසේ ජාත්‍යන්තර ඩීල් ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බව එහිදී පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට රට බලවත් අනතුරක මුවවිටට පැමිණ ඇති බවද කීවේය.

පහන් විජේසේකර