― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනතා අරමුණු ජයගන්න සමාජවාදය වෙනුවෙන් ජනතාව සංවිධානය කරනවා

ජනතා අරමුණු ජයගන්න සමාජවාදය වෙනුවෙන් ජනතාව සංවිධානය කරනවා

ජනතා අරමුණු ජයගන්න සමාජවාදය වෙනුවෙන් ජනතාව සංවිධානය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.
‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් ඊයේ 1 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අමතමින් කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසීය .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීම සම්බන්ධ කාරණය අපි කියමින් සිටියා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ රටේ ජනතාවට ආරාධනා කළේ මේ පාලකයන් මාරුවෙන් මාරුවට ඔලුගෙඩි මාරු කරමින් ජනතාව සූරාඛෑමට ලක්කරන මර්දනය කරන පාලනය කරගෙන යනවා. එය වෙනස් කරන්න, ජනතා අරමුණු ජයගන්න සමාජවාදය වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න අපි කටයුතු කරමින් සිටියා. ඉතා අමාරුවෙන් අපි ජනප්‍රිය නොවන මේ සමාජවාදය පිළිබඳ අදහස අපි ජන සමාජය තුළ සාකච්ඡාවට ලක් කරමින් සිටිනවා. අමාරුවෙන් රතු කොඩිය ඔසවාගෙන අපි ආවෙ මේ අද වන විට අප මුහුණ දී තිබෙන සමාජයක් අරගලයට කැඳවා ඇති ආකාරයේ සන්ධිස්ථාන පැමිණෙන බවට වැටහීමක් තිබෙන නිසයි. 
මේ වනවිට රට පුරා ව්‍යාප්තවන මේ අරගලය පසුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්වද කියලා සමහරු අහනවා. අපි කියනවා කිසිම සැකයක් තියාගන්න එපා, මේ රට පුරා ජනතා අරගලය තුළ සජීවි ලෙස අපි ඉන්නවා. රටපුරා සටන්කරන තරුණයන්, කම්කරුවන්, ගොවි ජනතාව, ස්ත්‍රීන් නියෝජනය කරමින් අපි ඉන්නවා.
මේ අරගලයෙදි විශේෂ දායකත්වයක් සපයන තරුණ කොටස්වල නව සටන් ආකාර තුළින් අපට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. අපි ඔවුන්ගේ අරගලයෙ ආදර්ශයන් වඩා යහපත් සටන් ආකෘති ආදර්ශයට ගන්න කිසිදු අවස්ථාවක පැකිළෙන්නෙ නෑ. ඔවුන් ගෙන යන අරගලයට අපි අපේ ශක්තිය ලබා දෙන්න සූදානම්. මේ රටේ සටන්කාමී අරගල ගණනාවක ඉතිහාස අත්දැකීම් ආදර්ශ ඇතිව අපි මේ අරගලයෙදි ජනතා ජයග්‍රහණ වෙනුවෙන් අපේ වැඩ කොටස ඉටු කරමින් සිටිනවා. ඒ අරගලය ඇත්ත ජනතා ජයග්‍රහණයක් කරා ගෙනයාමේ වගකීම අප උරමත දරා සිටිනවා. 
නමුත් අපි දන්නවා මේ ජනතා අරගලයක් සඳහා ජනතාව සූදානම් වූ පමණින් සියලු ජයග්‍රහණ අත්පත් කරගන්න ජනතාවට හැකි වෙන්නෙ නෑ. පාලකයන් ගෙන එන විවිධ නූල් සූත්තර මැද ජයග්‍රහණ අත්පත් කරගන්න නම් ජනතාව විශේෂයෙන් වැඩ කරන ජනතාව තමන් අතට බලය ලබා ගන්න ඕන. පාලකයන් පාලනය කරන, කඩා බිඳ දමන ආර්ථිකය ජනතාව අතට ගන්න සූදානම් විය යුතුයි. ආර්ථිකය මෙහෙයවන, ජවය සපයන වැඩකරන ජනතාව ඒ ආර්ථිකය පාලනය කරන බලය සියතට ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතා බලය වෙනුවෙන් සංවිධානය වෙන්න, ජනතා සභා පිහිටුවන්න, ජනතා බලය සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන්න සූදානම් වන ලෙස අපි මේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා. 
සමාජවාදයෙන් මේ අරගල ජයග්‍රහණය කරන්න සූදානම් වන ලෙසත් වඩ වඩාත් ජයග්‍රහණ වෙනුවෙන් සූදානම්වන ලෙසත් අපි මේ රටේ වැඩ කරන ජනතාවට මේ 133 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයේදී යෝජනා කරනවා.”