28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් නැවත ආරම්භ කිරීමට පෙර ආණ්ඩුවත් ගුරු- විදුහල්පතිවරුනුත් ගැටලු විසඳ­ා ගත යුතුයි

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ආණ්ඩුවත් ගුරු- විදුහල්පතිවරුනුත් ගැටලු විසඳ­ා ගත යුතුයි

හිටපු අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම්

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ආණ්ඩුවත් ගුරු- විදුහල්පති දෙපාර්ශ්වයත් මධ්‍යස්ථ මතයකට පැමිණ පවතින ගැටලුව විසඳා ගැනීම සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මාධ්‍ය වෙත ඊයේ (07) අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

“මෙම 21 වැනි දා සිසුන් 200ට අඩු පාසල් 3000 ක ප්‍රාථමික පන්ති ආරම්භ කරන බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට පෙර ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි.

අපි 2015දී රජයේ සේවකයින්ගේ වැටුප් සියයට 140න් වැඩි කළා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳීම සඳහා 2018 දී කමිටුවක් පත් කර එහි නිර්දේශ අනුව 2019 දී කැබිනට් පත්‍රිකාවක් දමා අනුමත කර ගෙන 2020 සිට ගෙවීමට සැලසුම් කර මුදල් වෙන් කර තිබුණා.

වැටුප් විෂමතාවය විසඳන ලෙස ගුරු විදුහල්පතිවරුන් කරන ඉල්ලීම සාධාරණයි. දැඩි මතයක නොසිට ආණ්ඩුව සහ ගුරු සංගම් මැද තැනකට විත් මෙම ගැටලුව වහාම විසඳා ගත යුතුයි. එසේ නොමැති වුවොත් එය ලක්ෂ සංඛ්‍යාත පාසල් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළීමක් වෙනවා. එකවර ගෙවීමට නොහැකි නම් මෙම අයවැයෙන් සාධාරණ මුදලක් ගෙවා අනික් මුදල් කොටස් වශයෙන් අවුරුදු පතා ගෙවීමට හැකියාව තිබෙනවා. දෙගොල්ලන්ම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දිය යුතුයි. පාසල් වසා තිබෙන කාලය තුළ රූපවාහිණි සේවාවන් මඟින් පාසල් විෂය නිර්දේශය අනුව පාඩම් විකාශය කරන ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. එය සිදු කළේ නැහැ. පෞද්ගලික රූපවාහිණි නාලිකාවලට මුදල් ගෙවා එය සිදු කර ගැනීමටත් තිබුණා. අවුරුදු එක හමාරක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. මේ කාලය නැවත ගන්න අමාරුයි. ”

ශිරෝමි අබයසිංහ