― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalබොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට

බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට

යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක්  (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පලාලි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් යොදාගෙන පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇති බවට අනාවරනය වෙයි.

අදාල පිරිස පලාලි මුහුදු මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු යොදනු ලැබීය.

නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් පිරිමි තිදෙනෙක් සහ ළමුන් 05 දෙනෙකු වන අතරම පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකුද වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේදී යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද පරික්ෂණ සිදුකරන පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය මාර්තු 22 වනදා සිට උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් 80 කට අධික පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවටත් එලෙස පැමිනෙන පිරිස් ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික තත්වය අනුව තමන්ට ජීවත් වීමට නොහැකි ලෙසින් ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් මෙලෙස පැමිණි බවට ඉන්දීය මාධ්‍ය පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ