26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවේ කොවිඩ් මරණයකට රුපියල් පනස්දහසක් වන්දි

ඉන්දියාවේ කොවිඩ් මරණයකට රුපියල් පනස්දහසක් වන්දි

ඉන්දියාවේ කොවිඩ් මරණයක් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමට රජය ගෙන ඇති තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි වී තිබේ. සීඑන්එන් පුවත් සේවයේ තක්සේරුවට අනුව දැනට ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව සමඟ සංසන්දනය කිරිමේදී එම සමස්ත වන්දි මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 ඉක්මවනු ඇත.

පසුගිය සඳුදා වනවිට ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂ හතරහමාරකට ආසන්න සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්තා වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

එම වන්දි මුදල් ලබාගැනීම සඳහා කොවිඩ් මරණයක් සිදු වූ පවුලේ සාමාජිකයන් දින 30ක් ඇතුළත අයැදුම් කළ යුතු අතර, මරණයට අදාළ සෞඛ්‍ය වාර්තා සහ රෝහල් ප්‍රතිකාර දත්ත පරික්ෂා කිරීමෙන් පසු එම වන්දි මුදල ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ඉන්දියාවෙන් ඊයේ වන විට වාර්තා වූ කොවිඩ් අසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්කෝටි තිස් නව ලක්ෂය ඉක්මවන අතර, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දෙලක්ෂ පනස්දහසකට ආසන්නය.