28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාකිස්තානයේ දරුණු භූ කම්පනයෙන් මිය ගිය ගණන 20 ඉක්මවයි

පාකිස්තානයේ දරුණු භූ කම්පනයෙන් මිය ගිය ගණන 20 ඉක්මවයි

පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ඊයේ (06) උදෑසන සිදු වූ භූමි කම්පාවකින් පුද්ගලයන් 20 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මරණ ගණන තවත් ඉහළ යා හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කළේය. මේ මරණ වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලිවලට යටවීමෙන් බව ද වැඩි දුරටත් වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි මියගිය වැඩි පිරිස ළමයි සහ කාන්තාවෝ වෙති. මේ භූමි කම්පාව රිච්ටර් මාපක 5.9ක ප්‍රබලතාවයකින් යුක්ත බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කර ඇත. මුදා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදු කරන අතර 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. බරපතල තත්ත්වයේ පසු වූ අය වහාම රෝහල් ගත කර ඇත. තවත් පිරිසකට වෛද්‍යවරු විසින් ගිලන් මැසිවල තබාගෙනම ප්‍රතිකාර කරනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. භූ කම්පනය හේතුවෙන් නිවාස 100කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති අතර තවත් ගොඩනැඟිලි රැසකට හානි සිදු වී ඇත.